අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයට ආණ්ඩුව සූදානම්…! ඉන්දීය පාකිස්තාන සහායත් ලැබෙයි…!

September 11, 2021 at 12:38 pm | by emanisa.lk

අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය නොකර ආනයනකරුවන් රටේ භාණ්ඩ හිඟයක් නිර්මාණය කළහොත් චීනය, ඉන්දීය හා පාකිස්තාන රජයන් සමග සාකච්ඡා කර අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීමට වෙළෙඳ අමාත්‍යාංශය සූදානම් වෙයි.

සීනි, සහල්, පරිප්පු, කඩල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ එම රජයන් සමග අත්සන් කර ඇති වෙළෙඳ ගිවිසුම් යටතේ හෝ වෙනත් ක්‍රමවේද යටතේ ගෙන ඒමට සාකච්ඡා ආරම්භ කර ඇති බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. දැනටමත් ඒ සඳහා ඉන්දීය හා පාකිස්තාන මහ කොමසාරිස් කාර්යාල කැමැත්ත පළ කර තිබේ.

මෙම වැඩපිළිවෙළ පිළිබඳව හා පොළොන්නරුවේ සහල් මෝල් වැටලීම පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් අමාත්‍ය මණ්ඩලයට හෙට (13) ඉදිරිපත් කිරීමට ද අමාත්‍යවරයා බලාපොරොත්තු වෙයි.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය මත මහා පරිමාණ වී මෝල් හිමියන් සමග මෙම සතියේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට ද වෙළෙඳ අමාත්‍යාංශය තීරණය කර ඇත. ස.තො.ස. හා සමුපකාර සමිති සඳහා අඛණ්ඩවම සහල් ලබා ගැනීම පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කෙරේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස