විපක්ෂයට ඕන රට වහලා ජනතාව පීඬාවට පත් කරලා ඒ මතින් ආණ්ඩු බලය ගන්න…!

August 31, 2021 at 2:47 pm | by emanisa.lk

දෛනිකව කීයක් හෝ හම්බ කරගෙන ජීවත් වන අයගේ අමාරුකම මාසේ පඩිය ගන්නා විපක්ෂයේ නායකයන්ට හෝ විපක්ෂයේ ආර්ථික ඔස්තාර්ලාට ද තේරෙන්නේ නැතැයි මුදල් ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් පවසයි.

ජීවිතය වගේ ම ඉදි ආප්ප ටිකක් තම්බගෙන, ත්‍රීවීල් රථයක් එලවාගෙන සහ එළවළු ලෑල්ලක් දා ගෙන ජීවත්වෙන පුද්ගලයන්ගේ ජීවනෝපාය ද වැදගත් වන හෙයින් රට ඉක්මනින් ම විවෘත කරගත යුතුව ඇතැයි හෙතෙම සඳහන් කළේ‍ය.

ශ්‍රි ලංකා මහ බැංකුව අවශ්‍ය තරම් ඩොලර් නිකුත් කර ඇති හෙයින් අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟයක් ඇතිවීමට කිසිම ඉඩකඩක් නැති බව පැවසූ කබ්රාල් මහතා රජය ඩොලර් හිඟයක් ඇති නොවීමට කටයුතු කර ඇතැයිද ප්‍රකාශ කළේය.

විපක්ෂය අද වෑයම් කරන්නේ රට වස්සවා ගෙන එමගින් ජනතාවට ඇති වන පීඩනය හරහා බලය ගැනීමට බවත් ජනතාව කාටත් වඩා හොඳින් විපක්ෂයේ මෙම පහත් අරමුණ තේරුම් ගෙන සිටින බවත් මුදල් රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

දැඩි ආර්ථික අර්බුදයක් තියෙද්දි පවා රජයේ කොවිඩ් මර්දන එන්නත් ගැන්වීමට ඩොලර් මිලියන එකසිය විස්සකට වැඩි මුදලක් වැය කර ඇති බව පැවසූ අජිත් නිවාඩ් කබ්රාල් එන්නත් ගෙන්වීමට තව දුරටත් මුදල් වැය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.

රුපියල අවප්‍රමාණය වීම ගැන නොසිතා ඩොලර් රටට ගෙන්වා ගෙන ඒවා රුපියල් බවට පත්කරන්නැයි අපනයනකරුවන්ගෙන් ඉල්ලා සිටින බවත් රුපියල තවදුරටත් අවප්‍රමාණය වේ යැයි සිතා ආනයනකරුවන් වේගයෙන් භාණ්ඩ ආනයනය කිරීමද නතර කළ යුතු බවත් ඔහු කීවේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *