කන්ටේනර් 400ක් ඩොලර් නැතිව වරායේ හිරවෙයි…! දැඩි අත්‍යවශ්‍ය ආහාර හිඟයක් අත ළඟ….!

August 15, 2021 at 9:16 am | by emanisa.lk

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආදිය ඇතුළත් කන්ටේනර් 400කට වැඩි ප්‍රමාණයක් ඩොලර් හිඟය නිසා වරායේ ගුදම්වල සිරවී ඇතැයි ආනයනකරුවන්ගේ සංගමය මේ සතියේ රජයට පැමිණිලි කර තිබේ. තමන්ගේ ණයවර ලිපිවලට ඩොලර්වලින් ගෙවීමට නොහැකි වීමෙන් මෙලෙස කන්ටේනර් සිරවීම නිසා ගුදම්වලට අධික මුදල් ගෙවමින් ඒවා රඳවා තබන්නට සිදුව ඇතැයිද ඔවුහු පවසති.

මෙම කන්ටේනර්වල අල, පරිප්පු, ලුනු, මිරිස්, හාල්මැස්සන් ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය රැසක් පවත්නා බව ද ඒවා කල් ඉකුත් වී විනාශ වීමේ අවදානමක ඇති බව ද ආනයනකරුවෝ සඳහන් කළහ. මෙලෙස භාණ්ඩ සිර වී තිබීම නිසා ඒවායේ මිල ගණන් දිනෙන් දින ඉහළ යන බවත් ඊට ගෙවන දඩ මුදල් පවා භාණ්ඩ මිලට එකතු වන බැවින් ඉදිරියේ දී අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යා හැකි බවටත් ඔවුහු අනතුරු අඟවති.

මේ ගැන පසුගියදා රැස්වූ රාජ්‍ය වියදම් කළමනාකරණ කමිටුවටද දැනුම් දී ඇත. කඩිනමින් මෙම ඩොලර් ප්‍රශ්නයට විසඳුමක් ලබා නොදුනහොත් ඉදිරියේදී ආහාර ද්‍රව්‍ය මිල අර්බුදයක් නිර්මාණය වන බව ආනයනකරුවෝ ප්‍රකාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *