අගෝස්තු 11 අපේ වේදිකාවට ශ්‍රීලනිප ප්‍රබලයන් රැසක් ගොඩවෙනවා! – ලක්ෂ්මන් යාපා

July 31, 2019 at 7:31 am | by emanisa.lk

අගෝස්තු එකොළොස් වැනිදා සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පක්ෂ සම්මේලන වේදිකාවට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රබලයන් රැසක් එක්වනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පවසයි.

වර්තමානය වන විට බිම් මට්ටමේ ශ‍්‍රී ලාංකික නිදහස් පාක්ෂිකයින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්වී ඇති බවද ඊයේ (30) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්තිවලින් බහුතරයක් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ද ප‍්‍රතිපත්ති වී ඇති බවත් එහි ප‍්‍රමුඛ ප‍්‍රතිපත්තිය වන්නේ එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ බලවේගයක් බිහිකිරීම බවත් ඔහු පැවැසීය. එසේම බිහිවන වාමාංශික බලවේගයට එක්වන්නැයිද ඔහු ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉල්ලා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස