අගමැති මහින්ද පැමිණෙන උත්සව භූමියක තිබී පෑන් පිස්තෝලයක් ඇතුළු ආයුධ අත්අඩංගුවට!

January 13, 2020 at 1:27 pm | by emanisa.lk

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ පැමිණීමට නියමිතව තිබූ මොරොන්තුඩුව, කොරොස්දූව රජමහා විහාරය ආසන්නයේ සිදුකළ සෝදිසි මෙහෙයුමකදී උණ්ඩ කිහිපයක් සොයාගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේ අදාළ විහාරස්ථානයේ පැවැත්වීමට නියමිතව තිබූ උත්සවයට පෙර මාර්ගය සෝදිසි කිරීමට ලක්කළ අවස්ථාවේ මෙම උණ්ඩ සොයාගත් බවය.

විහාරය ආසන්නයේ ගොඩ කරමින් ඇති වගුරු බිමක තිබී ඒවා සොයාගෙන තිබූ අතරට ජීව උණ්ඩයක්, හිස් පතරොම් කොපු 2 ක්, RPG උණ්ඩ 2 ක් සහ පෑන් පිස්තෝලයක කොටසක්ද ඒ අතර තිබී හමු විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස