SI මහත්තයා සුන්දර පවුල් ජීවිතයක් ගතකළා…! මේවා අපි හැමෝට ම ඉගෙන ගන්නවා නම් හොඳ පාඩම්…! – හරීන්…

March 4, 2021 at 1:43 pm | by emanisa.lk

රටේ සිදුවන ඕනෑ ම සිද්ධියකට තමන් පටලවා තමා පොරක් කිරීමට ආණ්ඩුව මේ තරම් වෙහෙසෙන්නේ මන්දැයි තමා නොදන්නා බව හරීන් ප්‍රනාන්දු පවසයි.

මේ දිනවල ආන්දෝලනයට තුඩු දී ඇති තරුණිය ඝාතනය කළ සිද්ධියේ පොලිස් නිලධාරියාගේ සිද්ධියට තමන් පටලවා ඇත්තේ තමා පොරක් කිරීම සඳහා බව මන්ත්‍රීවරයාගේ අදහසයි.

එම පොලිස් නිලධාරියා තමන්ගේ ආරක්ෂාවට පමණක් නොව හේෂා විතානගේ ගේ සහ නවීන් දිසානායකගේ ආරක්ෂාවට ද සිටි බවත් 2018 දින 52 ආණ්ඩුව සමයේ ඔහු නැවත පොලිසියට අනුයුක්ත කළ බවත් ය.

තමා එම නිලධාරියාගේ වැල්ලවායේ නිවසට ගොස් ඇති බවත් එම නිවස සතුට පිරුණු තැනක් ලෙස තමා දුටු බවත් හරීන් ප්‍රනාන්දු පවසයි.

මෙම සිද්ධිය කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බවත් එය තමන් ඇතුළු සැමට හොඳ පාඩමක් බවත් ඔහු ප්‍රකාශ කළේය.

මෙවැනි සිද්ධිව මඩ ගැසීමට යොදා ගැනීම බංකොලොත් නපුංසක මාධ්‍ය භාවිතාවක් බවත් මෙවැනි සිද්ධියකට අනාගතයේ අපට මුහුණ දීමට සිදුවනු ඇතැයි සිතිය යුතු බවත් හරීන් ප්‍රනාන්දු අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *