වේල්ලවීදියේ ඝාතකයා සියදිවි නසා ගනී….! කැලෑවට පැන වස පානය කර ගෙළ වැළ ලා ගනී…!

March 3, 2021 at 9:01 am | by emanisa.lk

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබිය දී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් පොලිස් විමර්ශනවලට අවශ්‍යව සිටි සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ මළ සිරුර සොයාගෙන තිබේ.

ඔහුගේ නිවස පිහිටි බඩල්කුඹුර, පහේ කණුව ප්‍රදේශයේ, කැලෑවක ගසක එල්ලෙමින් තිබිය දී මළ සිරුර සොයාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

එම මළ සිරුර ආසන්නයේ තිබී වස කුප්පියක් ද සොයාගෙන ඇති අතර ඔහු වස පානය කර සියදිවි හානි කරගැනීමට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

එලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි, බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙකි.

මොහු කලක් ඇමැති ආරක්ෂක අංශයට අනුයුක්තව සේවය කර ඇති අතර දක්ෂ බොක්සිං ක්‍රීඩකයෙකු ද වෙයි. එසේ ම විවාහකයෙකු වන ඔහුට 18 හැවිරිදි පුතෙකු ද සිටින බව සඳහන් වෙයි. ඔහු අවිවහාකයෙකු ලෙස පෙනී සිටිමින් අදාළ තරුණිය විවාහ කර ගැනීමට ගිවිස ගෙන සිටි ඇගේ ඥාතීන් හෙළිකර ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *