වේල්ලවිදීයේ මරා දමා ඇත්තේ කුරුවිට තරුණියක්….! ඝාතකයා උප පොලිස් පරික්ෂක කෙනෙක්….!

March 3, 2021 at 6:54 am | by emanisa.lk

වේල්ල වීදිය ප්‍රදේශයේ දී ගමන් බෑගයක දමා තිබිය දී සොයාගත් හිස නොමැති කාන්තා මළ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවකගේ බවට තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

සි.සි.ටීවී දර්ශන ඔස්සේ ලබාගත් තොරතුරුවලට අනුව වැඩිදුරටත් විමර්ශන සිදුකළ පොලීසිය බෑගය රැගෙන යන පුද්ගලයා තවත් කාන්තාවක් සමග හංවැල්ල ප්‍රදේශයේ ලැගුම්හලකට ගමන් ගන්නා ආකාරය නිරීක්ෂණය කර තිබේ.

කෙසේ වෙතත් පසුව එම පුද්ගලයා පමණක් ලැගුම්හලෙන් පිටතට පැමිණ මාර්ග අංක 143 ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයකට නැග ගමන් කරන ආකාරය ද එම දර්ශන ඔස්සේ හඳුනා ගෙන ඇත.

ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේ දී එම කාන්තාව සහ සැකකාර පුද්ගලයා හඳුනා ගෙන ඇති අතර ඔහු බුත්තල පොලීසියට අනුයුක්තව සේවය කරන උප පොලිස් පරීක්ෂකවරයෙකු බව ද පොලීසිය තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

ඔහු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර සැකකාර පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මොනරාගල විශේෂ පොලිස් කණ්ඩායමක් විමර්ශන ආරම්භ කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස