PHIලා කොරෝනා ගරානාවක් කරගෙන…! අල්ලස් අරන්…හදිසියේ ව්‍යාපාර වහලා… ලොක්ඩවුන් කරලා…! එම බලය පළාත් පාලන ආයතනවලට..!

February 28, 2021 at 3:04 pm | by emanisa.lk

කොවිඩ් 19 පාලනය සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට ලබා දී තිබූ බලතල පළාත් පාලන ආයතන වෙත පැවරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ.

මීට පෙර ද එවැනි බලතල පළාත් පාලන ආයතනවලට පැවරී තිබූ බව ආණ්ඩුවේ කොරෝනා මර්දන බලකායේ ප්‍රධානියෙක් පෙන්වා දුන්නේ ය.

මේ වන විට කොවිඩ් වසංගතය හා එහි බලතල ගෙනා මහ ජනතාව පීඩාවට පත්කරන සිද්ධීන් පිළිබඳ දිනෙන් දින පැමිණිලි ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.

හදිසියේ ව්‍යාපාර ස්ථාන වසා දැමීම, ප්‍රදේශ හුදෙකලා කිරීම, කර්මාන්තශාලා අවන්හල්, සංචාරක හෝටල්, ආපනශාලා ආදී ආයතනවලින් අත යට මුදල් ලබා ගැනීමේ සිද්ධීන් ද වාර්තාවීම සැලකිල්ලට ගෙන එම ථීරණයට එළඹීමට නියමිත ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *