PHIට කෙළ ගැසූ පුද්ගලයාට වැඩ වරදී! නුදුරේ දී ම වසර 05ක සිරදඬුවමක්?

December 14, 2020 at 6:08 pm | by emanisa.lk

PCR පරීක්ෂණ සඳහා පෙනී නොසිටින ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව වෙත පෙළඹවීම් කළ පුද්ගලයන් 04 දෙනෙකු බුද්ධි අංශ මගින් හඳුනා ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පවසයි.

කිසිවෙකුගේ නොසැලකිල්ල නිසා තවත් අයෙකුට කොරෝනා ආසාදනය වී ඔහුගේ මරණය සිදුවුවහොත් දණ්ඩ නීති සංග්‍රහයේ 298 වගන්තිය යටතේ නඩු පැවරිය හැකි බවත් එවැනි අයෙකුට වසර 5-10 දක්වා බරපතළ සිරදඬුවම් ලැබිය හැකි බවත් ඔහු සඳහන් කළේ ය.

සෞඛ්‍ය නිලධාරීන් වෙත කෙළ ගැසූ පුද්ගලයා දැනට රිමාන්ඩ් භාරයේ පසුවන බවත් ඉදිරියේ දී ඔහුට නඩු පවරන අතර වසර 05ක පමණ සිර දඬුවමක් හිමි වනු ඇති බවත් අජිත් රෝහණ අවධාරණය කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *