අටළුගම සියදිවි නසා ගන්න හදයි! ඊයෙත් PCR පරීක්ෂණයට 22ක් විතරයි!

December 11, 2020 at 8:38 am | by emanisa.lk

ඊයේ (10) අටළුගම මාරාව ග්‍රාම සේවා වසමේ PCR පරීක්ෂණ 400 සහ රැපීඩ් ඇන්ටිජන් පරීක්ෂණ 300ක් සිදුකිරීම සඳහා සැලසුම් කර තිබුණ ද ඒ සඳහා පැමිණ ඇත්තේ ගම්වැසියන් 22ක් පමණක් බව වාර්තා වෙයි.

මාරාව ගමේ 2800ක ජනහගනයක් සිටින අතර පරීක්ෂණය සඳහා සහභාගී වූ පිරිස අතරින් දෙදෙනෙකු කොරෝනා ආසාදිතයන් බව හඳුනා ගෙන තිබේ.

පසුගියදා අටළුගම කොරෝනා ආසාදිතයකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගසා බාදා කිරීම නිසා යුද හමුදා ආරක්ෂාව ද සහිතව මෙම පරීක්ෂණය සූදානම් කර තිබිණි.

අටළුගම ඇතුළු හුදෙකලා කර ඇති ගම් 07හි ජනගහනය 15 973ක් වන අතර එහි PCR පරීක්ෂණ 1541ක් සිදුකර තිබේ. ඒ අතරින් 541 දෙනෙකුට එනම් 35%කට වැඩි පිරිසකට කොරෝනා ආසාදනය වී ඇති බව තහවුරු විය.

මේ අතර රෝග මර්දනය සඳහා අටළුගම ජනතා සහාය නොලැබේ නම් තවත් කාලයක් ගම ලොක්ඩවුන් කර තැබීමට සිදුවනු ඇතැයි හමුදාපතිවරයා පසුගියදා ප්‍රකාශ කළේ ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස