PHIට කෙළ ගැසීම: අධිකරණයෙන් ඓතිහාසික තීන්දුවක්…! චූදිතයාට වසර 06ක බරපතළ වැඩ සහිත සිර දඬුවම්….!

January 21, 2021 at 7:46 pm | by emanisa.lk

2020 දෙසැම්බර් 02 වැනි දා අටළුගම දී සෞඛ්‍ය නිලධාරීන්ට කෙළ ගැසූ පුද්ගලයාට අධිකරණයෙන් මගින් චෝදනා තුනක් යටතේ බරපතළ වැඩසහිත වසර 6ක සිරදඬුවම් නියම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

කොවිඩ් -19 ආසාදිතයෙක් ලෙස එම පුද්ගලයා හඳුනා ගැනීමෙන් අනතුරුව ඔහු ප්‍රතිකාර මධ්‍යස්‌ථානයකට රැගෙන යෑමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු දෙදෙනෙක් හා තවත් සෞඛ්‍ය නිලධාරීන් දෙදෙනෙකුගේ ගිය අතර එහි දී එම පුද්ගලයා ඔවුන්ගේ රාජකාරියට බාධා කරමින් කෙළ ගසා තිබේ.

මෙම තීන්දුව පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මෙසේ ද පැවසීය.

“මේ සම්බන්ධව අදාළ පුද්ගලයා ප්‍රතිකාර ලැබීමෙන් අනතුරුව නඩු පැවරීම සිදුකළා පානදුර අධිකරණයේ දී ඒ අනුව ඔහුට විරුද්ධව චෝදනා 8ක් යටතේ බණ්ඩාරගම පොලීසිය විසින් නඩු පවරා තිබෙනවා.

රජයේ නිලධාරියෙකුගේ රාජකාරියෙකුට බාධා කිරීම, සාපරාධී බලහත්කාරය පෑම, නිරෝධායන නියෝගයකට අවනත නොවීම, රජයේ නිලධාරියෙකුගේ නියෝගයකට අවනත නොවීම ආදි චෝදනා යටතේ මොහුට විරුද්ධව නඩු පවරනු ලැබුවා.

අද දිනයේ දී අධිකරණය විසින් ඔහුගේ වරද පිළිගැනීම මත අදාළ පුද්ගලයා වරදකරු බවට පත්කර තිබෙනවා. මේ සියලු කරුණු සලකා බලා චෝදනා තුනකට වසර 2 බැගින් වු සිරදඬුවම් නියම කර තිබෙනවා. ඒ වගේ ම මීට රුපයල් 10,000 දඩයක් ද නියම කර තිබෙනවා.

මෙම අවස්ථාවට සම්බන්ධ වූ සෞඛ්‍ය නිලධාරීන් සිව් දෙනාට රු. ලක්ෂය බැගින් ගෙවන ලෙසත් නො එසේ නම් තවත් මාස හයක සිර දඬුවමක් ලබා දෙන ලෙසත් නියම කර තිබෙනවා. ඒ අනුව එම පුද්ගලයා බන්ධනාගාරය විසින් රැගෙන ගොස් තිබෙනවා. “

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *