බස්වලින් රැගෙන ගිය අටළුගම ආසාදිතයන් මඟ දිගට කෙළ ගහලා!

December 22, 2020 at 8:17 am | by emanisa.lk

බස් රථ දෙකක ප්‍රතිකාර සඳහා රැගෙන යමින් සිටි අටළුගම කොරෝනා ආසාදිතයන් පිරිසක් පෙරේදා (20) රාත්‍රී එම බස් රත දෙකේ ජනෙල් විවෘත කර අලොතියාව පොලිස් මුරපොළ ආසන්නයේ සහ එම අවට තැන්වලට කෙළ ප්‍රහාර එල්ල කර ඇතැයි වාර්තා වෙයි. මෙම ක්‍රියාව නිසා ආරක්ෂක නිලධාරීන් මෙන් ම ප්‍රදේශවාසීන් ද දැඩි අපහසුතාවට පත්ව ඇති අතර ඔවුන් එම ක්‍රියාව හෙළා දැක ඇතැයි ද ආරංචි මාර්ග සඳහන් කරයි.

ඉකුත් 19 වෙනිදා අටළුගමින් කොරෝනා ආසාදිතයන් 130ක් වාර්තා වූ අතර එම පිරිසින් 56 දෙනෙකු පෙරේදා (20) රාත්‍රී කෝපායි හා පුනානිහි ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ.

එම බස් දෙක අටළුගමින් පිටත්ව අවශ්‍යතාවක් සඳහා අලොතියාව පොලිස මුරපොළ අසල නතර කිරීමත් සමඟ බසයේ සිටි වැඩි පිරිසක් ජනෙල් විවෘත කර පිටතට කෙළ ගසා තිබේ. සිද්ධිය වන අවස්ථාවේ නිරතුරුව එම ස්ථානය පිරිසිදු කරන ප්‍රාදේශීය සභා සේවකයන් එහි සිට නොමැති අතර ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ප්‍ර දේශවාසියෙකු ප්‍රදේශය විෂබීජහරණය කර තිබේ.

එම පිරිස මඟ දිගට ම එලෙස කෙළ ගැසූ බව යතුරු පැදිවලින් ගමන් කළ කිහිප දෙනෙකු දැක තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *