ISIS ත්‍රස්තවාදීන් දුසිම් ගණනක් ලංකාවේ! – බ්‍රිතාන්‍ය පුවත්පතක් හෙළි කරයි…

November 12, 2020 at 8:05 am | by emanisa.lk

අයිඑස්අයිඑස් (ISIS) ඉස්ලාමීය ත්‍රස්ත සංවිධානයේ සොල්දාදුවන් දුසිම් ගණනක් ශ්‍රී ලංකාවට පැමිණ ඇතැයි බ්‍රිතාන්‍ය ‘ද සන්’ (The Sun) පුවත්පත ප්‍රකාශ කරයි.

අයිඑස්අයිඑස් ත්‍රස්ත සංවිධානයේ වර්තමාන ක්‍රියාකාරීත්වය දැක්වෙන සිතියමක් ද පළකරමින් ඊයේ (11) එම පුවත්පත පළකර තිබූ වාර්තාවට අනුව ශ්‍රී ලංකාවට අමතරව ඉන්දියාව, පාකිස්තානය, ඉන්දුනීසියා, පිලිපීනය ඇතුළු රටවල් 26ක එහි ක්‍රියාකාරකම් වර්තමානයේදී ද සිදුවෙයි.

මේ අතර අයිඑස්අයිඅස් ත්‍රස්තවාදීන් මොසැම්බික් රාජ්‍යයෙහි උතුරු ප්‍රදේශයේ කාබෝ ඩෙල්ගාඩෝ පළාතේ 50කට අධික වැසියන් පිරිසක් පාපන්දු පිටියකට රැගෙනවිත් ඝාතනය කර තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *