ISIS ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කරනවා! – ප්‍රහාරයට දින 12කට පසු සියෝන් දේවස්ථානයට ගිය අගමැති රනිල් කියයි……

May 3, 2019 at 8:20 pm | by admin

අයිඑස්අයිඑස් ත්‍රස්තවාදය ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීමට පියවර ගන්නා බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මෙම ත්‍රස්තවාදය සඳහා අනුබල දෙන පිරිස පිළිබඳ තොරතුරු දන්නේ නම් ආරක්‍ෂක අංශ වෙත ලබා දෙන ලෙස ද අග්‍රාමාත්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් විනාශ වූ මඩකලපුව සියොන් දේවස්ථානයේ අද(03) පෙරවරුවේ නිරීක්‍ෂණ චාරිකාවකට එක්වෙමිනි.

සියොන් දේවස්ථානයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහි නිරීක්‍ෂණය කරමින් සිදුව ඇති විනාශය පිළිබඳ සොයා බැලූ අතර දේවස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා පූජකතුමන් සමග සාකච්ඡා කළේය.

ශ්‍රී ලංකා ක්‍රිස්තියානි සංගමයේ පූජක ප්‍රින්ස් පියතුමා, මඩකලපුව සියොන් දේවස්ථානයේ ප්‍රධාන පූජකතුමන් වන රොෂාන් මහේෂන් පියතුමා ඇතුලු ආගමික නායකයින් ද මැතිඇමතිවරුන් පිරිසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස