IMF ගියොත් ජනතාව කබලෙන් ළිපට…! රජයේ රැකියා කපන්න වෙයි..! පරිප්පු 400ට ගිහින් ඩීසල් රු. 25කින් වැඩි වෙයි..! – බැසිල්..

January 5, 2022 at 1:06 pm | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගතහොත් ඉන්ධන, විදුලිය, ජලය, අත්‍යවශ්‍ය ආහාර මිල සහ ගාස්තු ඉහළ යාම මෙන්ම රාජ්‍ය සේවයේ සිදුවන කප්පාදු පිළිබඳව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ ඇමැති මණ්ඩලය දැනුම්වත් කර තිබේ.

ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඇමැති මණ්ඩල රැස්වීම පෙරේදා (3 ) පැවැත්විණි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා අනෙකුත් ජාත්‍යන්තර ආයතන සමග කළ සාකච්ඡාවල දී රුපියල පා කිරීම මෙන්ම බදු අනුපාත ඉහළ දැමීම සඳහා යෝජනා කළ බව මුදල් අමාත්‍යාංශ දැනුම් දී ඇත.

රුපියල නිදහසේ පා කිරීම මගින් රුපියල 15%කින් පමණ අවප්‍රමාණය විය හැකි බව මුදල් අමාත්‍යාංශයේ නිගමනයයි. එහිදී පරිප්පු කිලෝග්‍රෑමයක දැනට පවතින රුපියල් 280 මිල රුපියල් 400 දක්වා වැඩි විය හැකි බව මුදල් ඇමැතිවරයා පෙන්වා දී ඇත.

තව ද ඩීසල් ලීටරයක අවම මිල තවත් රුපියල් 25කින් පමණ ඉහළ දැමීමට සිදුවන බව ද පෙන්වා දී තිබේ. බදු ඉහළ නැංවීම යටතේ 8%ක්ව පවතින වැට් බද්ද ඉහළ දැමිය යුතු බව ද එහි දී ඉන්ධන, විදුලි හා ජල ගාස්තු වැඩි විය හැකි බවද පෙන්වා දී ඇත.

එ් අනුව විදුලි ඒකකයක සාමාන්‍ය මිල දැනට පවතින රුපියල් 16 සිට රුපියල් 25 දක්වා වැඩි කිරීමට මෙන්ම ජල ගාස්තුව ඒකකයකට රුපියල් 10කින් පමණ වැඩි කිරීමට සිදුවන බව ද මුදල් ඇමැතිවරයා ඇමැති මණ්ඩලයට සංදේශයක් මගින් දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස