කිසිසේත් IMF නොයන බව බැසිල් කිව්වා..! IMF යන ආණ්ඩුවක මම ඉන්නෑ කියල බය නැතිව කීවේ ඒ්කයි..! – වාසු…

December 20, 2021 at 11:05 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගනුදෙනු කරන ආණ්ඩුවක තමන් නොසිටින බවට තමන් ප්‍රකාශ කළේ වත්මන් රජය කිසිසේත්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත නොයන බව දන්නා නිසා යැයි ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ පසුගියදා එය ඉතා ම පැහැදිලිව කැබිනට් මණ්ඩලයට ප්‍රකාශ කළ බවත් හෙතෙම ප්‍රකාශ කරයි.

“සාමුහික වගකීමකුත් තියෙන්න ඕනෙ. නමුත් සාමුහික වගකීම තුළ අපට මතුවෙන ගැටලුවක් වුණොත් ඒකටත් විසඳුමක් අපි හොයාගන්න ඕනෙ. සාමුහික වගකීමක් එන්න පුළුවන් නොදැනුවත්ව යම් කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ගත්තත්.

නමුත් අපි මතුකරනවා, අපි කවුරුත් දැනුවත්ව එකඟත්වයෙන් මේ පිළිබඳ තීන්දුවකට පැමිණීමට නොහැකි වූ නිසා අපට අපේ අදහස් වෙනම ඉදිරිපත් කිරීමට අයිතියක් තිබෙනවා කියලා.

ඡන්දය ප්‍රකාශ කරන්න අවස්ථාවක් ආවොත් පාර්ලිමේන්තුවේ අපේ ඡන්දය අපි පාවිච්චි කරන්නේ, මේ අද ගෙනවිත් තිබෙන යෝජනාවට විරුද්ධවයි.

මේ රටේ ධනපති පංතිය කිසිම කැප කිරීමක් කරන්නෙ නෑ. ඒගොල්ලො වෙනදා වගේ ම සුඛ විහරණයෙන් හා ලෝකය වටේ ම ඇවිදිමින් සවාරි යමින් ඉන්නවා. ඒගොල්ලොන්ගෙ පවුල් පිටින් නිවාඩු කාලෙ. බැසිල් මහත්තයාගෙ පවුල ඉන්නෙ ඇමරිකාවේ. ඒ හින්දා මනුස්සයා යන්න එපෑයැ. පවුල බලන්න යන්නෙ නැතුව ඉතින් කවුරු බලන්න යන්නද ?”

අමාත්‍ය වාසුදේව නානායක්කාර මේ බව පැවසුවේ ඊයේ (19) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස