එන්නත්කරණයයේ දේශපාලන බලපෑම් නවතනු…! සෞඛ්‍ය කාර්ය මණ්ඩලවල ඥාතීන්ටත් ප්‍රමුඛතාව දෙනු…! – ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

May 16, 2021 at 4:34 pm | by emanisa.lk

කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ ප්‍රමුඛතාව උල්ලංඝනය වන පරිදි සිදුකරන සියලුම දේශපාලන බලපෑම් වහා නවතන ලෙසට සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වෙත ලිපියක් යොමුකරමින් දන්වා තිබේ.

එම සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජයන්ත බණ්ඩාර පෙන්වා දෙන්නේ සියලු ම සෞඛ්‍ය කාර්යමණ්ඩලවල පවුලේ සාමාජිකයන් (අවම වශයෙන් නි‍වසේ වාසය කරන) අවදානම් කණ්ඩායම් සේ සලකා එන්නත්කරණයේ දී ප්‍රමුඛතාව ලබා දෙන ලෙසය.

දැනට කොරෝනා එන්නත්කරණය අතිශය දූෂිත වැඩපිළිවෙළක් බවට විවිධ මැදිහත්වීම් මත පත්ව තිබෙන බව පෙන්වා දී ඇත.

තවද දේශපාලකයින් මෙන්ම නිලධාරීන් ද තමන්ට තිබෙන බලතල අනුව තම ඥාති හිතමිතුරන්ට ප්‍රමුඛතා ලේඛනවලට පිටතින් එන්නත් ලබාදීම සිදුකරමින් ඇති බව ද සමස්ත ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *