FCID නඩු නිසා මගේ ප්‍රජා අයිතිය අහෝසි කරන්න යනවා…! එහෙම කරලා අපේ දේශපාලනය නවත්වන්න බෑ….! – අනුර

February 1, 2021 at 9:30 pm | by emanisa.lk

දේශපාලන පළිගැනීම් පිළිබඳ විමර්ශනය කිරීමට පත්කළ ජනාධිපති කොමිසම මගින් චුදිතයින් නිදොස් කොට නිදහස් කිරීමට ද නඩු පැවරීමට කටයුතු කළ අය සිරේ දැමීමට ද නිර්දේශ කර ඇතැයි ජවිපෙ නායක අනුර දිසානායක පවසයි.

තමන්ට දඬුවම් දීමට හෝ තමන් සිරගත කිරීමට හෝ තම ප්‍රජා අයිතිය අහෝසි කිරීමට හෝ කිසිවෙකුට සාදාචාරාත්මක අයිතියක් නැතැයි ද ජවිපෙ නායකයා අවධාරණය කරයි.

ඊයේ නැවත ජනාධිපතිවරයා විශේෂ ජනාධිපති කොමිසම් සභාවක් පිහිටුවා ඇති බවත් ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන විසින් සිරිමා බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කළේ එමගින් බවත් දිසානායක පෙන්වා දුන්නේ ය.

මෙහි අරමුණ තමන් ඒ වෙත කැඳවා ප්‍රජා අයිතිය අහෝසි කිරීමට බවත් එවැනි උත්සාහයක් පවතී නම් ගෝඨාභය පව් බවත් හෙතෙම ප්‍රකාශ කළේ ය.

තමන් ඡන්දේ දෙන්න, මන්ත්‍රීවරුන් වෙන්න දේශපාලනය කරන පිරිසක් නොවන බවත් ප්‍රජා අයිතිය තිබ්බත් නැතත් මේ රට වෙනුවෙන් දේශපාලනය කරන බවත් අනුර දිසානායක වැඩි දුරටත් සඳහන් කළේ ය.

Sorry කවුද දිනුම් සම්මන්ත්‍රණයකට එකතු වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස