CSN නාලිකාවට යළි අවසර! පෙත්සම අභියාචනාධිකරණයේදී සමථයකට පත්වෙයි!

May 26, 2020 at 9:13 pm | by emanisa.lk

සී.එස්.එන් රූපවාහිනී  නාලිකාව සඳහා ලබා  දී  තිබූ  විකාශන  බලපත්‍රය 2016 වසරේ දී  එවකට පැවති රජයේ ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින්  අහෝසි කිරීමට  එරෙහිව  එම   නාලිකාව  විසින්  ගොනු කල රිට් පෙත්සම අද (26) අභියාචනාධිකරණයේදී සමථයකට  පත්විණි.

ඒ එම  නාලිකාවට ලබා දී තිබූ විකාශන  බලපත්‍ර ය අවලංගු  කරමින්  2016 වසරේ දී එවකට ජනමාධ්‍ය  අමාත්‍යාංශ ලේකම් වරයා විසින්  නිකුත් කරන ලද ලිපිය ඉල්ලා  අස් කර  ගැනීමට ජනමාධ්‍ය  අමාත්‍යාංශය   අද (26) අභියාචනාධිකරණයේ දී එකග වීමත් සමගය.

ඒ අනුව 2016.10.23 දින  වන විට එම  නාලිකාව ලබා  දී තිබූ  සංඛ්‍යාත ඒ අයුරින්ම නැවත  ලබා දීමට කඩිනමින්  පියවර ගැනීමට විදුලි සංදේශ නියාමන කොමිසම ද අධිකරණයේදී එකඟතාව  පළ කළේය.

එම රිට් පෙත්සම මහින්ද  සමයවර්ධන සහ අර්ජුන  ඔබේසේකර  යන අභියාචනාධිකරණය විනිසුරු මඩුල්ල හමුවේ  කැඳවූ  අවස්ථාවේ දී  මෙම   සමථය ඇති විය.

කිසිඳු පරීක්ෂණයක් නොපවත්වා සිය විකාශන බලපත්‍රය අහෝසි කිරීමට ජනමාධ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා ගත් තීරණය නීතියට පටහැනි බව පෙත්සම්කාර සී.එස්.එන් රූපවාහිනී ආයතනය සිය පෙත්සමින් පෙන්වා දි තිබිණි.

එබැවින් විකාශන බලපත්‍රය අහෝසි කිරීමේ තීරණය අත්හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ආයතනය අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබිණි.

එම රිට් පෙත්සම සලකා බැලූ මුල් අවස්ථාවේදීම අභියාචනාධිකරණය විසින් විකාශන බලපත්‍රය අවලංගු කර තිබෙන සී.එස්.එන් නාලිකවේ සංඛ්‍යාත සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන පවතින තත්ත්වයෙන්ම පවත්වා ගෙන යන ලෙසට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට නියෝග කෙරිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස