cryptocurrency කියන්නේ අලුත් පිරමිඩ් ජාවාරමට…! – සුනිල් හඳුන්නෙත්ති…

January 25, 2023 at 12:11 pm | by emanisa.lk

ටික කලකට පෙර මෙරට සමාජයේ පිරමිඩ ජාවාරම ව්‍යාප්ත වූ බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එහි දී යමෙක් රු. 100ක් තැන්පත් කළ විට රු. 250ක් ලැබෙන බවත් තවත් පස් දෙනෙකු ඊට එකතු කරගත යුතු බවත් ඔහු පෙන්වා දෙයි.

එලෙස භාණ්ඩ භාවිතයෙන් සිදුකළ ජාවාරම දැන් මුදල තුළින් ම සිදුකරන බවයි, හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ.

ඒ සඳහා නව මුදල් ඒකකයක් නව නමක් උවමනා බවත් ජාත්‍යන්තරය ක්‍රිප්ටෝ කරන්සි වැනි සංකල්ප ගෙන එන්නේ ඒ සඳහා බවත් ඔහු වැඩි දුරටත් හෙළි කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *