CIDයට ගුල්ලෝ ගහයි.. හරක් කටාගේ කුඩු සළිඳුගේ දුරකතන පාස්පෝට් අතුරුදන්..!

March 15, 2024 at 10:00 am | by emanisa.lk

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම, මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක නොහොත් හරක් කටා නැමැත්තාට අයත් ජංගම දුරකථන දෙකක් සහ හරක් කටාට සහ කුලු කුඩු සලිඳුට අයත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ තිබිය දී අස්ථානගත වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසය සහ පොලිස් මුලස්ථාන විශේෂ විමර්ශන ඒකකය මගින් මෙම සම්බන්දධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව 2023.මාර්තු,15 වැනි දා මොවුන් දෙදෙනා මෙරටට රැගෙන එන අවස්ථාවේදී මෙම දුරකථන දෙක සහ ලියකියවිලි අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනකු බාරයේ තිබි ඇති බවත්, සැකකරුවන් දෙදෙනා මෙරටට රැගෙන ඒමෙන් අනතුරුව, එම ජංගම දුරකථන සහ විදේශ ගමන් බලපත්‍ර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පැමිණිලි විමර්ශන අංශය වෙත භාරදී තිබී ඇතිි බවද පොලිස් ආරංචි මාර්ග පවසයි .

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ තිබූ මෙම ජංගම දුරකථන දෙක සහ විදේශ ගමන් බලපත්‍ර දෙක අස්ථානගත වූයේ කුමන දිනයකද යන්න හෙළිවී නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

මෙම දුරකථ‍ෙවල සංවේදී දර්ශන,විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා සංවිධානාත්මක අපරාධකරුවන්ගේ ජංගම දුරකථන අංක, ආදී වැදගත් තොරතුරු රැසක්ම තිබූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *