හරක් කටාගේ ජීවිතේ අනතුරේ..! ලංකාවට නම් එවන්න එපා..! – සලිඳු උසාවි යයි…

August 16, 2022 at 10:20 am | by emanisa.lk

ඩුබායි රාජ්‍යයේ දී එරට ආගමන විගමන නිලධාරීන් අත්අඩංගුවට ගත් නදුන් චින්තක හෙවත් හරක්කටා මෙරටට පිටුවහල් කිරීමට එහි වෙසෙන මත්කුඩු ජාවාරම්කරුවෝ එරෙහි වෙති.

ඔවුන් නීතිඥවරුන් මාර්ගයෙන් අධිකරණයෙන් ඉල්ලීම් කිරීමට සුදානමින් සිටින බව ද බුද්ධි අංශ අනාවරණය කරගෙන ඇත.

මහා පරිමාන මත්කුඩු ජාවාරම්කරුවකු වන දැනට ඩුබායිහි සැඟව සිටිින සලිඳු නැමැත්තා මෙම කටයුත්තට මුලිකත්වය ගෙන කටයුතු කරන බවද ආරංචි මාර්ග පවසයි.

මෙයට ප්‍රථම ඩුබායි අත්අඩංගුවට ගත් මාකරේ මධුෂ් නැමැත්තා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීමෙන් පසු පොලිස් අත්අඩංගුවේ සිටිය දී මිය යාමට සිදු වු බවත්, හරක්කටා ද ශ්‍රි ලංකාවට පිටුවහල් කළහොත් ඔහුගේ ජීවිතයට අනතුරක් සිදුවිය හැකි හෙයින් ඔහු ශ්‍රි ලංකාවට පිටුවහල් නොකරන ලෙසට ඉල්ලා එරට අධිකරණයට ඉල්ලීම් කිරීමට සූදානම් ව සිටින බව ද එම ආරංචි මාර්ග පවසයි.

නදුන් චින්තක හෙවත් හරක් කටා නැමැත්තා බිරිඳ ඇතුලු පිරිසක් සමග ඉකුත් (11) වැදි දින ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර උපයෝගි කරගෙන ඩුබායි සිට මැලේසියාව බලා යාමට උත්සහ කිරීමේ දී එරට ආගමන විගමන බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *