CIDයට කමාන්ඩෝ ප්‍රහාරයක් එල්ල කොට හරක් කටා කුඩු සලිඳු මුදා ගැනීමේ සැලසුමක්…!

October 25, 2023 at 5:18 pm | by emanisa.lk

නඳුන් චින්තක හෙවත් හරක් කටා සහ සලිඳු මල්ෂික නොහොත් පානදුරේ කුඩු සලිදු නැමැති පාතාලකරුවන් මුදා ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රහාර මාලාවක් එල්ල කිරීමේ සැලැස්මක් පිළිබඳව එම දෙපාර්තමේන්තුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ඊයේ(24) වාර්තා කළේය.

මේ අනුව එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

කොමාන්ඩෝ නිල ඇඳුමින් සැරසුණු පිරිසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඇතුළු වී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කර අපරාධකරුවන් මුදාගෙන පළායෑමට මෙලෙස සැලසුම් කර ඇත.

මෙම ප්‍රහාරය සැලසුම් කළ හිටපු කොමාන්ඩෝ සාමාජිකයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර ප්‍රහාරය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත්තේ එම දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමේදීය.

මේ සිද්ධිය පිළිබඳව තොරතුරු අනාවරණයවීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ආරක්ෂක රැකවල් වැඩි කිරීමට පියවර ගෙන ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *