කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ක්රියාත්මක කර ඇති “දේශීය ආහාර පරිභෝජනය ඉහළ නැංවීම හා දේශීය ආහාර සුලබ කිරීමේ” සංකල්පයට අනුව ආරම්භ කරන ලද හෙළ බොජුන් අවන්හල් ස්ථාපිත කිරීමේ වැඩසටහන යටතේ මේ වන විටත් කාන්තාවන් 600 දෙනෙකුට සෘජු රැකියා අවස්ථා උදා වී ඇත.
මේ වන විට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ දිස්ත්රික්ක 18 ක හෙළ බොජුන් අලෙවි සැල් 22 ක් සහ පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සෘජු අධීක්ෂණය යටතේ හෙළ බොජුන් අලෙවිසැල් 60 ක් පමණ ක්රියාත්මක වේ.
ඉදිරියේදී අනුරාධපුර, මාතලේ සහ රත්නපුර නගර ආශ්රිතව හෙළ බොජුන් අවන්හල් තුනක් ඉදිකිරීමට ද එමගින් තවත් සේවිකාවන් 100 දෙනෙකුට රැකියා අවස්ථා සම්පාදනය කිරීමට ද බලාපොරොත්තු වෙයි.