මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන නීතිඥ නාමල් රාජපක්ෂ සිය ෆේස්බුක් පිටුවෙහි තබන ලද සටහනකි.
22 සංශෝධනය වෙනුවෙන් කුලියට ප්‍රශස්ති ගායනා කරපු උන්ට මම ලියා කිව්වා මේකේ ආදීනව තව අවුරුද්දකි න් බලා ගන්න පුළුවන් කියලා. ඒත් සැප්තැම්බර් 25 සම්මත වූ එහි ප්‍රතිඵල අවුරුද්ද කෙසේ වෙතත් මාසයක් යාමට ප්‍රථම ලැබෙමින් පවතී.
පැලවත්තේ බටලන්ද වධකාගාරය නාරාහේන්පිට පැරණි කම්කරු දෙපාර්තමේන්තු ගොඩනැගිල්ලේ පිහිටුවීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් ගැසට් පත්‍රය ක් නිකුත් කර ඇත. මහින්දගේ පාලන කාලයේ සුදු වෑන් සහ මැරවරකම්, ඝාතනය කිරීම්වලින් විරුද්ධවාදීන් මර්දනය කළද, ජාතික ජන බලවේගය ඒ සඳහා වෙනත් උපක්‍රමයක් සූක්ෂම ලෙස තෝරා ගෙන ඇත.
මුලින්ම 22 සංශෝධනය මගින් අධිකරණය පැලවත්තේ පිළිකන්නේ ගැට ගැසූ බලු කුක්කෙක් බවට පත් කර ගත් අතර, එම සංශෝධනයෙන් පසු පෝලීමට එකින් එක ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත යනුවෙන් වර නගා එහි ත්‍රස්තවාදියා යන්නට පුළුල් තමන්ට අභිමත නොවන සියල්ලන්ම ත්‍රස්තවාදියා යනුවෙන් හඳුන්වා රැඳවුම් නියෝග ලබා ගන්නට හැකි ආකාරයේ පනත්,අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මර්දනය කරන පනත් ඇතුළු පනත් රාශියක් පැලවත්තේ පෝලිම් ගසා හඳුන්වා දීමට පුල පුලා බලා සිටි.
ටිල්වින් සිල්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ පාලනයක් වැනි පාලනයක් ලංකාවේ ඇති කර ශින් ජින් පින් මෙන් බුෂ් කෝට් එකක් ඇඳ ආතල් එකේ සදාකාලික සියලු සැප සම්පත් භුක්ති විඳිමින් අධ්‍යාත්මික නායක ලොකු අයියා මෙන් සිටීමේ සිහින දකිමින් සිටි. .
මේ ආණ්ඩුව ගමන් කිරීමට බලපොරොත්තු වන මේ හිතුවක්කාර ගමන් මාර්ගය පිළිබඳ මුලින්ම මාධ්‍ය හරහා ජනතාව දැනුම්වත් කිරීම් කළේ නීතිඥ ශිරාල් ලක්තිලක විසිනි. ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ පනත සම්මත කිරීමෙන් පසු බොහෝ විට ඔහු ත්‍රස්තවාදියෙක් වීමට ඉඩ තිබේ.
මේ මර්දනකාරී පනත් සම්බන්ධයෙන් අපට ඉතින් මීට විරුද්ධව යාමට කිසිම තැනක් නැති බැවින් ජනතාව ඊට සූදානම් විය යුතු අතර මේ තත්ත්වය පරාද කිරීම සඳහා එකා මෙන් සූදානම් විය යුතු අතර මේ පෝස්ටුව නිසා මාද ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනතේ අර්ථ නිරූපණය අනුව ත්‍රස්තවාදියෙක් ලෙස නම් කර රැඳවුම් නියෝග මත හෝ නිවාස අඩස්සියේ සිටිය හැකි වනු ඇත.
නීතිඥ නාමල් රාජපක්ෂ