ගවේෂණාත්මක මාධ්‍යවේදී කීර්ති රත්නායකගේ facebook සටහනකි.
සූරසේන අනුර සහ සජිත් 22 සංශෝධනයේ ප්‍රධාන නළුවන් බවට පත්ව ඇත. 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් හුදෙක් ඇඟ බේරා ගැනීමට කරන කතාවක් මිස දැඩි විරෝධයක් නොදැක්වීමට විපක්ෂ නායක තීරණය කොට ඇත. මෙහිදී විශේෂයෙන් මහ ජනයා පාරට බැස්සවීමෙන් වැළකීමට සජිත් එකඟ වී ඇත.
සජිත් මෙවන් ස්ථාවරකට බැස ඇත්තේ “බෝන් අගේන්” ප්‍රභලයෙකු දුන් උපදෙසකට අනුවය. මෙලෙස උපදෙස් දෙන තැනැත්තා අනුර කුමාර, සජිත් සහ ජලනි කිට්ටුවෙන් ඇසුරු කරන අයෙකි. මේ වන විට සජිත්ට සහ ජලනීට යන දෙදෙනාටම එරෙහිව දූෂණය නම් වරද යටතේ විමර්ශන කිහිපයක් පැවැත්වේ.
මෙහිදී ඉහත කී ආගමික කණ්ඩායම සාමූහිකව සජිත් සහ ජලනීගේ “ගැලවීම” වෙනුවෙන් මැදිහත්වීමක් කරමින් සිටියි. තවද 22 සම්මත වීමෙන් පසු SLPP හිස නොමැති පක්ෂයක් බවට පත් වන බවත් එම තත්ත්වය සජිත්ට වාසිදායක බව ඔවුන් පෙන්වා දී ඇත.
වෙනත් වචනවලින් කිවහොත් සුන්බුන් ජන බලය පාරට ගෙන ඒම සජිත්ට තහනම් කොට ඇත.
මේ අතර, 22ට එරෙහි පෙත්සම් විභාගය ආරම්භ කරන සැප්තැම්බර් 5 සිට අනුර සතු ජනබලය ප්‍රදර්ශනය කිරීම පිණිස කළුතර හඳපාන්ගොඩ දී සහ බේරුවල දී ජනරැලි දෙකක් පැවැත්වීමට නියමිතය.
විශාල ජනකායක් කළුතරට රැස්කොට 22 සංශෝධනය ජනතා අභිලාෂයක් බව අධිකරණයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්වීම අනුරගේ අරමුණය. වාර්තා වන අන්දමට ජනමත විචාරණයකින් තොරව 22 අනුමත කර ගැනීමට අවැසි පසුබිම අනුර සහ ටිල්වින් විසින් නිර්මාණය කරමින් සිටියි.
Keerthi Ratnayaka