සදාකාලිකව තමන් බලයේ සිටින්නේ යැයි සිතා ගෙන එන 22 වන සංශෝධනය ආණ්ඩුවට තම ජයග්‍රහණයක් ලෙස සිතුණද එය ආණ්ඩුවේ වළ කපා ගැනීමක් බවට සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි අනතුරු අඟවයි.
2020 ජනතාව පළවා හැරියේ වර්තමාන ආණ්ඩුවට වඩා මේ රටට විශාල වැඩ කොටසක් කළ පිරිසක් බවද ඔහු ප්‍රකාශ කරයි.
22 වන සංශෝධනය නිසා ආණ්ඩුව සිතන ආකාරයට ක්‍රියාත්මක වුවහොත් විපක්ෂය පමණක් නොව රටද විනාශ වන බවට ඔහු අනතුරු අඟවයි.
අද (09) පාර්ලිමේන්තුව අමතමින් හෙතෙම මේ බව කීය.