22 සංශෝධනය පාර්ලිමේන්තුව මතින් සම්මත කළ හැකි යැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම ආණ්ඩුවේ ජයග්‍රහණයකි. 22 ජනමත විචාරණයකට යොමු කළ යුතු යැයි තීන්දු කිරීම විපක්ෂයේ ජයග්‍රහණයකි.
ශිරානී බණ්ඩාරනායක ඉවත්කර නව අගවිනිසුරෙකු පත්කිරීම තුළ රාජපක්ෂ අභිලාෂ නියෝජනය වුණා මිස ජනතා අභිලාෂ නියෝජනය නොවුණි. නමුත් 22 සංශෝධනය තුළ ඒ දෙකම ඇත. එනම් පුරන් වූ නීති කෙත අස්වැද්දවීම පිළිබඳ ජනතා අභිලාෂ සහ අනුර කුමාරගේ අභිලාෂ යන දෙකම 22 තුළ ඇත.
කරුණු එසේ හෙයින් ශ්‍රේෂ්ඨාධිකරණය ජනතා අභිලාෂ ඉටු කරනු ඇත. ඒ තුළින් අනුරගේ අභිලාෂ ඉටුවීම ගැන අධිකරණයට කළ හැකි දෙයක් නැත. තීන්දුවේ කටු සටහන මේ වන විටත් ලියා ඇතුවාට සැක නැත.
මේ වන විට 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව පෙත්සම් 40ක් ශ්‍රේෂ්ඨාධිකරණයට යොමුකර ඇත. අපි ජනමත විචාරණයකට යාමට සූදානම් යැයි නලින්ද කියන්නේ මෝල් වූ පෙත්සම්කරුවන් කූල් කිරීමට මිස සැබෑ ලෙසම ජනමත විචාරණයකට යාමට නොවේ.
Keerthi Ratnayake
FB