22 ගැන තීන්දුව ක්ෂණිකව පාර්ලිමේන්තුවෙන් සම්මත කරගන්නවා…! – ජනපති…

September 6, 2026 at 8:22 pm | by emanisa.lk

පසුගිය සමයේ විවිධ අක්‍රමිකතා සහ සම්පත් හිඟකම නිසා නඩු ඇසීම ප්‍රමාද වූ බව ජනාධිපති අනුර දිසානායක මහතා පවසයි.

මේ නිසා නඩු විශාල ප්‍රමාණයක් හිරවී ඇති බවත් ඒවා කාර්යක්ෂම කළ යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කරයි.

22 වන සංශෝධනයට අදාළ තීන්දුව දින 21ක් ඇතුළත ලැබෙන බවත් එය ලැබුණු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරගන්නා බවත් ජනාධිපති අනුර දිසානායක ප්‍රකාශ කරයි.

අද (06) “ආණ්ඩුවට වසර දෙකයි! රටට සුබයි!” බේරුවල ජනරැලිය අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *