මතුගම බදුරලිය පාසලක් අසල ගොඩනැගිල්ලක තිබී අත් බෝබ්ම 13ක් සොයාගෙන ඇත.
ඊයේ රාත්රී (23) මුරකරු සමඟ තවත් දෙදෙනෙකු විදුහලේ ආරක්ෂාවට රැඳී සිට ඇත. මුරකරු මෙම සැකකටයුතු පාර්සලය පිළිබඳ විදුහල්පතිවරයා දැනුම්වත් කිරීමෙන් පසුව විදුහල්පතිවරයා විසින් බදුරලිය පොලිසියට දැනුම් දී තිබේ.
පොලිසිය සමග එහි පැමිණි යුද හමුදාව එම බෝම්බ පාසල් පරිශ්රයෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් බදුරලිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.