බේරුවල සිදුකළ සෝදිසි මෙහෙයුමකදී යුද හමුදා කැළෑ ඇඳුම් සමඟ පුද්ගලයන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙහිදී කැමා බැනියම් 6ක්, දිග කලිසම් 2ක්, ටී ෂර්ට් 6ක්, කොට කලිසම් 6ක් සහ කුඩා කලිසම් 24ක් සොයාගැනීමට හැකි විය.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා අතර අනන්‍යතාව සනාථ කරගත නොහැකි වූ පුද්ගලයන් තිදෙනෙකුද සිටින බව පොලිසිය කියයි.
මේ අතර කිසියම් මැර පිරිසකට පල්ලියකය පහර දෙන්නට ඉඩ දෙන ආරක්ෂක අංශ සාමාජිකයකු වැනි පුද්ගලයකු දැක්වෙන වීඩියෝවක් නිකුත් වී ඇති අතර මෙය ද එවැනි ඇඳුමක් හැඳ ගත් පුද්ගලයකුගේ ද යන්න ගැන සැක පහළ වී තිබේ.