කතා දෙකක් නැහැ.. බලය ගැනීම හැර විකල්පයක් නෑ..! – අනුර…

January 15, 2024 at 10:16 am | by emanisa.lk

මේ වන විට රටකට මෙන්ම ජනතාවට සිදුවිය හැකි සියලුම පන්නයේ විනාශයන් සිදුව ඇති හෙයින් සියලු දෙනා එක්ව නැගී සිටිය යුතු බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක අවධාරණය කරයි.

“කඩයක් පටන් ගන්නවා කඩේ වහනවා ත්‍රීවීල් එකක් ගන්නවා ත්‍රීවීල් එකත් විකුණනවා නෝනා රට යවනවා මොකක්ද ඇතිවෙච්ච ප්‍රතිඵලය. ගොඩ ගියේ නැහැ. ගොවිතැන කරන ජනතාව ගොවිතැන මාරු කරලා බැලුවා. ලුණුගම්වෙහෙර පැත්තේ වගා කරන කුඹුර අයින් කරලා කෙහෙල් හිටවල බැලුවා. මොකක්ද සිද්ධ වුණේ.

ඒ නිසා මේ වේදනාවෙන් ගොඩ ඒම සඳහා ජීවිත කළේ නොකරන ලද දෙයක් නැහැ. හැබැයි ගොඩගියේ නැහැ. මොකද අපි අවශ්‍ය දේ කරලා නැහැ. මේ වේදනාවෙන් මිදීම සඳහා කළ යුතු අවශයම දේ තමයි දේශපාලන වෙනස. හරියටම කෙලින්ම කිව්වොත් අපි බලය ගන්න ඕනේ. මෙතන වෙන මුකුත් නැහැ. එතනින් එහාට කතා නැහැ. බලය ගතයුතුයි.

ඇයි ඒ?රටකටත් ජනතාවටත් වෙන්න පුළුවන් සියලුම පන්නයේ විනාශයන් සිදුව ඉවරයි. දැන් ජනතාව සියලු දෙනා නැගිටින්න ඕනේ. දැන් අපි ඉස්සරහ තියෙන්නේ මොකක්ද අපි ඔක්කොටම කතාවෙලා එක්ව වැනසෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි ඔක්කොටම කතාවෙලා නැගිටින්න පුළුවන්. මොකක්ද අපි තෝරාගන්නේ. වැනසෙන්න ද ? නැගිටින්නද? අපි නැගිටින්න ඕනා.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *