මාලිමා ආණ්ඩුව අත ළඟ..! රට අතහැර යන්න එපා…! – අනුර…

January 28, 2023 at 12:31 pm | by emanisa.lk

මාලිමාවේ ආණ්ඩුවක් නුදුරේදීම හදන හෙයින් රට ඇත හැර නොයන්නැයි වෘත්තීයවේදීන් ඇතුළු සියලු පාර්ශ්වලින් ඉල්ලීමක් කරන බව ජාතික ජන බලවේගය පක්ෂයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

“අපි සියලුම දෙනා එක්වී රට හදමු” යයිද ඔහු සඳහන් කළේය.

අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද පැවසීය

“අපේ රට පාලනය කරන්නේ කවුද? අරක්කු ෆැක්ටරි අයිතිකාරයෝ, වැලිගොඩදාන අය, තැබෑරුම් අයිතිකාරයෝ, මංකොල්ලකාරයෝ, අපරාධකාරයෝ. මේ රට පාලනය කළේ කිසිදු තෙතමනයක් නැති අය. හිරිවැටුණු නායකයෝ. ආර්ථිකය වට්ටලා ජනතාවගේ පඩිපතට ගහන්න පටන් අරගෙන තිබෙනවා.

වෘත්තීමය ශ්‍රම බලකාය සියයට 15යි. ඔවුන්ගේ පඩියට විශාල බද්දක් ගහනවා. බැංකුවල ඉහළ කළමනාකරුවන් 500 දෙනෙක් මේ රට දමාගොස් තිබෙනවා. ගිය මාසේ අගොස්තු වෙනකොට වෛද්‍යවරු පන්සිය දෙනෙක් රට දමා ගොස් තිබෙනවා. ගිය අවුරුද්ද අවසන් වෙනකොට වෛද්‍යවරු 470ක් රට දමා ගොස් තිබෙනවා.

ජාතික ජන බලවේග ආණ්ඩුවක් ළඟ ළඟ එනවා. ඒ නිසා වෘත්තීයවේදීන් රට අතහැර යා යුතු නෑ. අපි එකතු වෙලා රට හදමු.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *