මාලිමා ආණ්ඩුවක් ආ දවසට මුකුත් නොකර ඉතිරි කළ මුදල රටට කියනවා..! – හඳුන්නෙත්ති…

December 26, 2023 at 5:00 pm | by emanisa.lk

ජාතික ජන බලවේග ආණ්ඩුවක් පත්වූ පසු ගෙවෙන පළමු දිනයක් මෙතෙක් ආණ්ඩු විසින් කළ කිසිවක් නොකර නිකං සිටින බව එම පක්ෂයේ විධායක මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති පවසයි.

එදින රාත්‍රී පුවත් විකාශය මගින් නව ආණ්ඩුවක් පත්වීමත් සමග මෙතෙක් කල් ආණ්ඩු කළ දේවල් නොකිරීමෙන් රටට ඉතිරි කළ මුදල ගණනය කොට පෙන්වන බවයි, හඳුන්නෙත්ති සඳහන් කළේ.

ආණ්ඩුවක් පත් වූ පසු පත් කරන මැති ඇමැතිවරුන්ගේ බිරිඳ ඇතුළු පවුල් ගෙන්වා රජයේ වියදමින් උත්සව කළ යුතු නැති බවත් පත් වූ ආණ්ඩුව තමන්ට වඩා ජනතාව ගැන හිතන බවත් නීතිය පළමුව ජනතාවට නොව මැති ඇමැතිවරුන්ට ක්‍රියාත්මක වන බවත් රටට පෙන්විය යුතු බවත් සුනිල් හඳුන්නෙත්ති ප්‍රකාශ කළේ, ගුවන් විදුලි වැඩසටහනකට එකතු වෙමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *