මාලිමා ආණ්ඩුව නඩු අහලා රනිල් වැරදිකරු කරනවා…! – අනුර..

January 9, 2024 at 10:35 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා ද ජාතික ජන බලවේගය නඩු අසන දවසක වැරදිකරුවෙකු බවට පත් කරන බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පවසයි.

පසුගිය කාල සීමාව තුළ මේ රට පාලනය කළ බොහෝ පාලකයන් අපරාධකරුවන්, දූෂිතයන් ලෙස හිරේ සිටිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය මේ වන විටත් තීරණය කර ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එම පක්ෂයේ ගාල්ල දිස්ත්‍රික් කාන්තා සමුළුව අමතමින් පෙරේදා (07) අනුර කුමාර දිසානායක මේ බව කීය.

මෙරට ඉහළම අධිකරණ පද්ධතියෙන් වැරදිකාරයන් බවට පත්වූ පාලකයන් නීතිය පාගා ගෙන බලයේ රැඳී සිටින බවත් මේ චෞර පැළැන්තියෙන් රට බේරා ගැනීම යුගයේ අවශ්‍යතාව බවත් ඔහු අවධාරණය කරයි.

වැටී තිබෙන රාජ්‍යය ගොඩනැගීමට නම් හුදු ඔළුගෙඩි මාරුවකින් ඔබ්බට ගිය නව දැක්මක් සහිත ආණ්ඩුවක් අවශ්‍ය බවත් ඊට නායකත්වය දීමට ජාතික ජන බලවේගය සූදානම් බවත් අනුර දිසානායක සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *