ශ්‍රී ලංකාව ගොඩනැගිය හැකි එක ම නායකයා රනිල් වික්‍රමසිංහ බව ලෝකයට පෙන්වා දී ඇතැයි එක්සත් ජාතික පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආශු මාරසිංහ පවසයි.
ඔහු මේ බව කියා සිටියේ සිරිකොත එජාප මූලස්ථානයේ අද (26) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.
වසර 75ක් පුරාවට මේ රට විනාශ වී ඇති බැවින් ඉදිරි වසර 05ක කාලය තම පක්ෂයට ලබා දෙන ලෙසත් එය වැරදී ගියහොත් වසර 05ක් පමණක් බවටත් අනුර කුමාර දිසානායක කළ ප්‍රකාශයෙන් ගම්‍ය වන්නේ ඔහුට රට පාලනය කිරීමට විශ්වාසයක් නොමැති බව යැයි ද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කළේ.
කෙසේ හෝ ජනතා විමුක්ති පෙරමුණ බලය ලබා ගතහොත් රට කාම්බෝජියාව, උතුරු කොරියාව හෝ කියුබාව මට්ටමට පත්වීමට ඉඩ ඇති බවත් ඔවුන් බලය බලහත්කාරයෙන් තබා ගන්නවා මිස යළි ලබා දීමක් සිදු නොකරන බවත් ආශු මාරසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.