මාලිමා ආණ්ඩුවක් හදලා සතියෙන් ඇහෙන ප්‍රවෘත්ති මෙන්න…!

August 1, 2023 at 11:58 am | by emanisa.lk

ජාතික ජන බලවේග රජයක් යටතේ දරුවාට රැකියාවක් ලබා ගැනීමට ටික කාලයක් ගතවනු ඇතැයි සමන්ත විද්‍යාරත්න පවසයි.

එහෙත් තම ආණ්ඩුවක් තනා සතියක් ගත වන තැන රාත්‍රී ප්‍රවෘත්තිවලට ඇසෙන පුවත් පිළිබඳ ඔහු අනාවැකියක් පළ කරයි.

ජාතික ජන බලවේග ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය රැස් වී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කළ බවට වන පුවත එහි දී ඇසෙනු ඇතැයි ඔහු අවධාරණය කරයි.

තම ආණ්ඩුවට ගමේ පාර හදන්නට දරුවාට රැකියාවක් ලබා දෙන්නට කාලයක් ගිය ද මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන ලියුම ගැසීමට කාලය ගත නොවන බව ද සමන්ත විද්‍යාරත්න ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *