දරුවන් 80%ක් සැප සොයා පිටරටට…! හුදෙකලා දෙමාපියන් අනාථ මඩම්වලට..!

September 16, 2023 at 11:00 am | by emanisa.lk

ශ්‍රී ලංකාවේ ජීවත් වන වයස අවුරුදු 18-25ත් අතර තරුණයන්ගෙන් සියයට 80ක් සහ අවුරුදු 25-36ත් අතර තරුණයන්ගෙන් සියයට 70ක් විදේශගත වීමේ බලාපොරොත්තුවෙන් කටයුතු කරන බව සමීක්ෂණයක දී අනාවරණය වී තිබේ.

මේ සමග රටේ අනාගත වැඩිහිටි ප්‍රජාවට හුදෙකලාව ජීවත්වීමට සිදුවීමේ අවදානමක් රට තුළ නිර්මාණය වෙමින් පවතින බව පර්යේෂකයෝ පවසති.

කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨයේ මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ ඇතුළු පර්යේෂක කණ්ඩායමක් විසින් මෙම සමීක්ෂණය සිදු කරනු ලැබ ඇති අතර මේ සඳහා ශ්‍රී ලංකාවේ පදිංචි පුද්ගලයන් 2946ක් සහ මේ වන විට විදේශගත වී ඇති 665 දෙනෙකු සහභාගී කරවා ගෙන ඇත.

මෙම පිරිස අතරින් සියයට 58ක් සහ සියයට 42ක් කාන්තාවන් බවත් ඔවුන්ගෙන් වැඩි පිරිසක් වයස අවුරුදු 26-35ත් අතර පසු වෙයි. සමීක්ෂණයට බඳුන් වූ සමස්ත පිරිසෙන් සියයට 57ක් විදේශගත වීමෙන් පසු යළි ශ්‍රී ලංකාවට පැමිණීමේ කිසිදු අපේක්ෂාවක් නැති බව ප්‍රකාශ කොට තිබේ.

රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු වන නිදහස් අධ්‍යාපනයෙන් බිහිවන තරුණ තරුණියන් මේ අයුරින් විදේශගත වීම තුළ සමාජ, ආර්ථික අර්බුද රැසක් නිර්මාණය විය හැකි බව මහාචාර්ය ප්‍රසාදිනී ගමගේ පෙන්වා දෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *