එදා යුද්ධය නිමා කොට රටට සාමය දිනා දීම සඳහා ගෙන ගිය සටනේ දී තමන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සමග සිටි බව ප්‍රවීණ ජ්‍යෝතීෂවේදී සුමනදාස අබේගුණවර්ධන පවසයි.
එහෙත් මේ රටේ ආර්ථිකය ගොඩගත හැකි නායකයා පාසල්වලට බස් බෙදන රෝහල්වලට බෙහෙත් බෙදන ගජ කේසරි යෝගය හිමි සජිත් ප්‍රේමදාස බවයි, ඔහු අවධාරණය කළේ.
1967 ජනවාරියේ වාසනාවන්ත දිනයක උපන් සජිත් ශ්‍රී ලංකාවේ 9 වැනි ජනාධිපතිවරයා බවට පත්වීම අනිවාර්ය බව ද ජනාධිපතිවරණයක් කැඳවූයේ නම් 8 වැනි ජනාධිපතිවරයා වන්නේ ද ඔහු බව ද සුමනදාස අබේගුණවර්ධන සඳහන් කරයි.
3%න් ගෝල්ෆේස් පිරවූ අනුර දිසානායකට ඇති රැල්ල ගැන තමන් කිසිවක් නොපවසන නමුත් ඉදිරි ජනාධිපතිවරණයට පසුදා වන විට තමාගේ ප්‍රකාශයේ සත්‍යයතාව තහවුරු වනු ඇතැයි ද සියලු ගෞරව සම්මාන තමන් වෙත පැමිණෙනු ඇතැයි ද ඔහු වැඩි දුරටත් කීය.