ඊළඟ ජනාධිපති බස් බෙදන මහත්තයා…! එතරම් බලවත් කේන්ද්‍රයක් කිසිවෙකුට නෑ…! – සුමනදාස අබේගුණවර්ධන…

January 18, 2023 at 7:59 am | by emanisa.lk

2025 වන විට මේ රටට නව ජනාධිපතිවරයෙක් පත් වන බව ප්‍රවීණ ජ්‍යෝතිෂවේදී සුමනදාස අබේගුණවර්ධන පවසයි.

ඔහු අවුරුදු 55ක පමණ අයකු බවයි, සුමනදාස අබේගුණවර්ධන ප්‍රකාශ කළේ.

“මේ දවස්වල ඉස්කෝලවලට බස් එහෙම බෙදන මහත්තයෙක් ඉන්නේ. ඒ මහත්තයා කියලා කිව්වොත් නිවැරැදියි. ඒ මහත්තයගේ කේන්දරේ තරම් බලගතු කේන්දරයක් මම දැකලා නෑ.”

රාජපක්ෂ දේශපාලනය ජනතාවට ඉතා ම ළෙංගතු බවත් ඔවුන්ගේ දේශපාලනය අවසන් කළ නොහැකි බවත් පවසන සුමනදාස අබේගුණවර්ධන, මේ දුෂ්කර අවස්ථාවේ පවා රටේ මිලියන 3කට අධික ඡන්ද ප්‍රමාණයක් ඔවුන්ට හිමි බව සිය විශ්වාසය බවත් සුමනදාස අබේගුණවර්ධන සඳහන් කළේය.

TNL TV යූටියුබ් නාලිකාව සමග පැවැති සාකච්ඡාවක දී හෙතෙම මේ බව පවසා තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *