ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන් 500% ක වේගයකින් වර්ධනය වෙමින් ඇතැයි වාර්තා වෙයි.
මේ නිසා අති විශාල බදු ආදායමක් රටට අහිමි වන අතර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ද පිරිහෙයි.
නිත්‍යානුකූල මත්පැන් බෝතලයකින් 75% ක බදු මුදලක් අයකෙරෙන අතර කසිප්පු ඇතුළු නිත්‍යානුකූල නොවන මත්පැන්වලින් කිසිදු බදු මුදලක් රටට නොලැබෙයි.
මත්පැන් සඳහා අධික ලෙස බදු පැනවීම මෙලෙස හොර මත්පැන් වර්ධනයට හේතුව බව විද්වත් මතයයි.