හොර මත්පැන් 500%කින් වර්ධනය වෙයි…!

September 10, 2023 at 10:41 am | by emanisa.lk

ශ්‍රී ලංකාව තුළ හොර මත්පැන් 500% ක වේගයකින් වර්ධනය වෙමින් ඇතැයි වාර්තා වෙයි.

මේ නිසා අති විශාල බදු ආදායමක් රටට අහිමි වන අතර ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය ද පිරිහෙයි.

නිත්‍යානුකූල මත්පැන් බෝතලයකින් 75% ක බදු මුදලක් අයකෙරෙන අතර කසිප්පු ඇතුළු නිත්‍යානුකූල නොවන මත්පැන්වලින් කිසිදු බදු මුදලක් රටට නොලැබෙයි.

මත්පැන් සඳහා අධික ලෙස බදු පැනවීම මෙලෙස හොර මත්පැන් වර්ධනයට හේතුව බව විද්වත් මතයයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *