අලි ඇතුන් සහිතව පෙරහැර කරවීම ථේරවාදී බෞද්ධයින් ඉතා ම උසස් පුණ්‍ය කර්මයක් ලෙස සලකන බව හිටපු රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන පවසයි.
ලංකාවේ දළදා පෙරහැර ඇතුළු පෙරහැර ක්‍රියාත්මක වීමට එරෙහිව පසුගිය සමයේ සිට සංවිධානාත්මක වැඩපිළිවළෙක් ක්‍රියාත්මක වන බවයි, ඔහු ප්‍රකාශ කළේ.
දළදා පෙරහැරේ ගමන් කරන ඇතුන්ගේ ඇස්වලට ලේසර් කිරණ අල්ලමින් හිංසා කරන සංවිධානාත්මක වැඩපිළිවෙළක් දියත් වූ බවට සාක්ෂි ඇතැයි ද චන්න ජයසුමන සඳහන් කරයි.
ගම් වදින වන අලින් එළවීමට යැයි කියා අධිබලැති ලේසර් කිරණ නිකුත් කරන උපකරණ කිසිදු අනුමැදියකින් තොරව ලංකාවට ගෙන්වා ඇති බවත් ඒ පිටුපස සිටින්නේ කවුද යන්න සොයා බැලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් යොමු කළ බවත් චන්න ජයසුමන වැඩි දුරටත් ප්‍රකාශ කරයි.