මම ගුවන් යානා පදවන්න ගොඩක් ආසයි…! ඒත් ඒක ගොඩාක් අමාරුයි…!

June 23, 2023 at 6:23 pm | by emanisa.lk

ගුවන් යානා පැදවීමට තමන් ද බොහෝ ආශා කරන දෙයක් බවත් නමුත් එය බොහෝ අසීරු දෙයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සඳහන් කරයි.

ඔහු මේ බව කියා සිටියේ අද (23) පාර්ලිමේන්තුවේ දී ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන්ගේ හිඟතාව සම්බන්ධව ඇති වූ සාකච්ඡාවකදීය.

මෙරට ගුවන් නියමුවන් 330 අවශ්‍යව ඇතත් දැනට ඉන්නේ 260කට අඩු ප්‍රමාණයක් බවත් තවත් පිරිසක් එමිරේට්ස් ගුවන් සේවයට යාමට සූදානමින් සිටින බව ද හෙතෙම පැවසීය.

එවන් තත්ත්වයකදී ලංකාවේ සිටින ගුවන් නියමුවනට සිදුවන්නේ ජාත්‍යන්තර නීති ඉක්මවා ගොස් වැඩ කිරීමට බව ද ඔහු පෙන්වා දුන්නේය.

ගුවන් නියමුවන්ගේ විවේක කාලය කෙටි කර රාජකාරියේ නිරත වීමට සිදු වීම හේතුවෙන් ගුවන් මගින්ගේ ජීවිතවලට අවදානමක් මතුව ඇති බවත් හෙතෙම කීවේය.

මේ හේතුවෙන් ගුවන් නියමුවන්ගේ ගැටලුව විසඳන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද විපක්ෂ නායකවරයා තව දුරටත් කියා සිටියේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *