පෝලිම් යුගය අවසන්…! පාස්පෝට් අද සිට නිවසට ම…!

June 15, 2023 at 9:23 am | by emanisa.lk

මාර්ගගත ක්‍රමය ඔස්සේ විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමට අදාළ වැඩපිළිවෙළ හෙට (15) සිට ආරම්භ කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භක වැඩසටහන හෝමාගම ප්‍රදේශීය ලේකම් කාර්යාලයේ දී සිදුකිරීමට නියමිත බව ද අමාත්‍යවරයා පැවසීය.

මහ ජනතාවට වඩාත් පහසුවෙන් විදේශ ගමන් බලපත්‍ර ලබාගැනීමට අවස්ථාව සලසාදීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍යවරයා පැවසීය.

නව වැඩපිළිවෙළ යටතේ අයදුම් කර දින තුනක් ඇතුළත විදේශ ගමන් බලපත්‍රය කුරියර් සේවාවක් හරහා නිවසටම ගෙන්වා ගැනීමේ හැකියාව පවතින බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ ගමන් බලපත්‍ර ලබාදීමේ එක්දින සේවාව ද සාමාන්‍ය පරිදි තව දුරටත් ක්‍රියාත්මක වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

ඇඟිලි සලකුණු ලබා දීම පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ උප කාර්යාලවදී සිදු කළ හැක. ඒ සඳහා දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක් ඊට අනුබද්ධව කටයුතු කරනු ලබන බව සඳහන් වේ.

ඇඟිලි සලකුණු ලබාදිය හැකි ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහතින්.

අම්පාර – සමන්තුරේ, පොතුවිල්
අනුරාධපුර – නුවරගම් පළාත මධ්‍යම, කැකිරාව, හොරොව්පතාන
බදුල්ල -මහියංගනය, හපුතලේ
මඩකලපුව – කෝරළෙයිපත්තු (වාලච්චේනයි), කාත්තන්කුඩි
කොළඹ -සීතාවක, හෝමාගම
ගාල්ල -කරන්දෙනිය, අක්මීමන, නෙළුව
ගම්පහ – මීගමුව, මීරිගම, ගම්පහ
හම්බන්තොට – තංගල්ල, තිස්සමහාරාමය
යාපනය – චාවකච්චේරි, පේදුරුතුඩුව
කළුතර -ඉංගිරිය, මතුගම, පානදුර
මහනුවර -ගම්පොල, කුන්ඩසාලේ, පූජාපිටිය
කෑගල්ල -ගලිගමුව, රුවන්වැල්ල
කිලිනොච්චිය -කරච්චි
කුරුණෑගල -පු.ලි.දෙ. වයඹ පළාත් ප්‍රාදේශීය කාර්යාලය, කුලියාපිටිය,නිකවැරටිය
මන්නාරම -මන්තායි බටහිර
මාතලේ – නාවුල
මාතර – අතුරලිය, දෙවිනුවර
මොනරාගල -බුත්තල
මුලතිව් – මුලතිව්
නුවරඑළිය – අඹගමුව, වලපනේ
පොලොන්නරුව -ඇළහැර, දිඹුලාගල, හිඟුරක්ගොඩ
පුත්තලම -පුත්තලම, හලාවත
රත්නපුර – බලංගොඩ, කුරුවිට, ඇඹිලිපිටිය
ත්‍රිකුණාමලය -කින්නියා
වව්නියාව -වෙංගලසෙට්ටිකුලම

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස