ඊයේ (12) කැබිනට් අමාත්‍යවරුන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් ජනාධිපති ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයා සමග සාකච්ඡාවකට කැඳවා තිබුණත් ශ්‍රීලංකා පොදුජන පෙරමුණේ දිස්ත්‍රික් නායකයින් රැසක් එම සාකච්ඡාවට සහභාගී වී නොමැත.
මෙහි දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂට ද දිස්ත්‍රික් නායකයින් පවසා ඇත්තේ පක්ෂය වෙනුවෙන් සාකච්ඡා හා රැස්වීම්වලට සහභාගීවීමට හැකි බවත් ජනාධිපතිවරයා, නිලධාරීන් හෝ අමාත්‍යවරුන් කැඳවන සාකච්ඡා සඳහා සහභාගී නොවන බවය.
ජනාධිපතිවරයා නොව කවුරු කැඳවීමක් කළත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකයින් දැනුම්වත් කර කළ යුතු බව මෙහි දී ඔවුන් වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි. විශේෂයෙන්ම දේශපාලනික කරුණු පිළිබඳව සාකච්ඡා කරන රැස්වීම් සඳහා මෙසේ පක්ෂය හරහා මන්ත්‍රීවරු දැනුම්වත් කළ යුතු බව අවධාරණය කර ඇත.
ඒ අනුව ජනාධිපති සමග සාකච්ඡාවට සහභාගී වී ඇත්තේ පොදුජන පෙරමුණේ අමාත්‍ය ධූර දරන පිරිස සහ මහින්දානන්ද අලුත්ගමගේ පමණි.