අගමැති රනිල් පොහොට්ටුවේ ප්‍රාණ ඇපකාරයෙක් වෙලා…! – මුජිබර් රහුමාන්..

May 24, 2022 at 8:00 pm | by emanisa.lk

21 ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ මේ වන විටත් මතභේදාත්මක තත්ත්වයක් හට ගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් පවසයි.

සමගි ජන බලවේග මන්ත්‍රී රහුමාන් පෙන්වා දෙන්නේ එමගින් ජනාධිපති බලතල කප්පාදු නොවන බව නීතීඥ සංගමය පවසන බවයි.

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයට පත් කර ඇත්තේ පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම බවත් ඔහුට පොහොට්ටු මන්ත්‍රී කණ්ඩායම පවසන පරිදි කටයුතු කිරීමට සිදුව ඇති බවත් මුජිබර් රහුමාන් සඳහන් කරයි.

අද වන විට අගමැති රනිල් වික්‍රමසිංහ පොහොට්ටුවේ සිරකාරයෙකු බවට පත්ව ඇති බවයි, විපක්ෂ නායක කාර්යාලයේ මාධ්‍ය හමුවක් අමතමින් ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *