ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව පසුගිය සතියේ ලොව වඩාත් ශක්තිමත් වූ මුදල් ඒකකය බවට ශ්‍රී ලංකා රුපියල පත්ව තිබේ.
ඩොලරයට සාපේක්ෂව රුපියල 13.45%ක වර්ධනයක් සනිටුහන් කරද්දි, 11.45%ක වර්ධනයක් පෙන්නුම් කළ ඉරාක ඩිනාරය දෙවන තැනට පත්ව තිබේ.
මෙක්සිකා, කොස්ටර්රීකා, චිලී, කසකස්තාන, ජෝර්ජියා යන රටවල මුදල් ඒකක පිළිවෙළින් සෙසු මුල් ස්ථාන ලබා ගෙන තිබේ.
පසුගිය සැප්තැම්බර් මස වන විට ශ්‍රී ලංකා රුපියල ලොව 03 බාල්දු ම මුදල් ඒකකය ලෙස ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබිණි.
