අවප්‍රමාණ වූ රුපියල ශක්තිමත් වෙයි….! ඩොලරයක මිල 195ට බසී…..!

April 16, 2021 at 5:01 pm | by emanisa.lk

පසුගිය දිනවල අවප්‍රමාණ වූ රුපියලේ අගය නැවත ඉහළ ගොස් ඇති බව මහ බැංකුව පවසයි.

මහ බැංකු වාර්තා අනුව එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 201.28කි. එහි ගැනුම් මිල රුපියල් 195.72ක් ලෙසින් වාර්තා වෙයි.

ඊයේ (15) ඩොලරයක විකුණුම් මිල ඉතිහාසයේ වැඩිම අගය වාර්තා කරමින් රු. 204.62 ක් දක්වා ඉහළ ගොස් තිබුණි.

චීන සංවර්ධන බැංකුවෙන් (China Development Bank) දෙන ලද එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක ණය මුදල මෙරටට ලැබීමත් සමග ශ්‍රී ලංකා රුපියල එලෙස අධිප්‍රමාණ වී ඇතැයි වාර්තා වේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *